අමෙරිකාවට බලපා ඇති සුළි කුණාටු තත්ත්වයක් හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් ඇති අතර මියගිය පිරිස අතර මාස 04ක බිලිදෙකුද සිටින බවත් තුවාල ලැබූ පිරිස 100ක් පමණ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි

මෙම සුළි කුණාටුවෙන් ඔක්ලහෝමා ප්‍රාන්තයට වැඩිම බලපෑමක් එල්ලවී ඇතැයි සඳහන් වන අතර පවතින තත්ත්වය හමුවේ ප්‍රදේශ රැසකට හදිසි තත්ත්වයක්ද ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

සුළි කුණාටු තත්ත්වයත් සමඟ ඇතැම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක්ද හටගෙන ඇති බැවින් ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

සිය ධූර කාලය තුළ සිදුවූ දරුණුතම විනාශය මෙය බව ඔක්ලහෝමා ආණ්ඩුකාවරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශකර තිබෙනවා.