තායිවානයට බලපෑ ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් ජපානයට සුනාමි අවදානමක් මතුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

ඒ අනුව ජාපනයේ නාගෝ සහ ඔකිනාවා ප්‍රදේශයේ මුහුද අඩි කිහිපයක් පසු පසට පැමිණ ඇති අකාරය දැක්වෙන වීඩියෝ දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් පවති.

නාගෝ සහ ඔකිනාවා බලධාරීන් විසින් ප්‍රදේශයේ ජනතාව ඉන් ඉවත් කිරීමට මේවන විටත් කටයුතු යොදා ඇත.

විදෙස් මාධ්‍යවල දැක්වෙන ආකාරයට තව මිනිත්තු 30 පමණ පළමු සුනාමි රැළ එම වෙරළ තිරයට පැමිණෙනු ඇති බවටයි සඳහන් වන්නේ.

වැඩිදුරටත් ඒ අනුව වාර්තා වන්නේ පළමු සුනාමි රළ මිටර් 3 ත් 5ත් අතර උස ප්‍රමාණයක් ගනු ඇති බවයි.

සුනාමි අනතුරු ඇඟවීම් හේතුවෙන් ජපානයේ ඔකිනාවාහි ප්‍රධාන ගුවන් තොටුපළේ ගුවන් ගමන් අත්හිටුවා ඇති බවද වාර්තාවේ.

මේ අතර තායිවානය, චීනය සහ පිලිපීනය යන රටවලට සුනාමි අනතුරු ඇඟවීම්ද නිකුත් කර ඇත.