ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කොළඹ කලාපයේ පිහිටි මුස්ලිම් පාසල්වල තිබෙන ගැටලු පිළිබඳ සොයා බලා ඒවාට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

ගුරු පුරප්පාඩු, පන්ති කාමර හිඟය සහ ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම, ඉස්ලාම් දහම සිංහලෙන් ඉගැන්වීමේ දුෂ්කරතා සහ මුස්ලිම් ප්‍රජාව බහුතරයක් වෙසෙන ප්‍රදේශවල මුස්ලිම් පාසල් නොමැතිකම වැනි ගැටලු පිළිබඳව ඒ අනුව ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයා වැඩිදුරටත් අධ්‍යාපන නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ ගුරු පුරප්පාඩු පුරවාලීම සඳහා සඳහා සුදුසුකම්ලත් ගුරුවරුන් පත්කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙසයි.

කොළඹ කලාපයේ මුස්ලිම් පාසල් මුහුණ දී තිබෙන ගැටලු පිළිබඳ ජනාධිපති කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවකට එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම උපදෙස් ලබාදීම සිදුකර ඇත.