රජය විසින් යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොල පෞද්ගලික අංශයට බදු දීමට තීරණය කර ඇත.

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කර සිටියේ මෙම කටයුත්ත සඳහා දෙස් විදෙස් ආයෝජකයින් සඳහා අවස්ථාව හිමිවෙන බවත් සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීමෙන් පසු ඉදිරි කටයුතු සිදුකරන බවත් ය.

මත්තල ගුවන් තොටුපොලේ මෙහෙයුම් සඳහා ඉන්දියාව සහ රුසියාවේ පැවරීමේ යෝජනාව මුදල් අමාත්‍යාංශයේ නිරීක්ෂණය සඳහා ඉදිරිපත් කර ඇති බව ද වැඩිදුරටත් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ය.