ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේ මේ දිනවල තායිලන්තයේ දී පැවැත්වෙන අතර මෙය ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙසද ක්‍රියාත්මක වෙනු ඇත.

මෙම තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ හංසනී ගෝමස් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබේ. ඒ 49 බර පන්තිය නියෝජනය කරමිනි. කිලෝග්‍රෑම් 49 බර පන්තියෙන් තරග වැදුණු හංසනී ගෝමස් ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 76ක බරක් ඔසවමින් නව ජාතික වාර්තාවක් පිහිටුවා ඇත.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කිලෝග්‍රෑම් 55 බර පන්තියෙන් තරග වැඳුණු ඩිලංක ඉසුරු කුමාර 5 වැනි ස්ථානය දිනා ගෙන ඇති අතර ඒ ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 112 ක් හා ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 145 ක් ඔසවමින්‍ ය.