අද( 03) නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරු කොළඹට කැඳවා ඇත.

අද සිට තෙදින වැඩමුළුවක් සඳහා ඔවුන් කැඳවු බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම් එල් රත්නායක මහතා ප්‍රකාශ කර සිටියේය.

ජනාධිපතිවරණය මෙම වසරේ සැප්තැම්බර් 15 සහ ඔක්තෝබර් 15 කාලය තුළ පැවැත්විමට නියමිත නිසා මෙම වැඩමුළුව පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ විශ්වාසවන්ත ආරංචි මාර්ග සදහන් කර සිටියි.