ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සමග ප්‍රසිද්ධ විවාදයක් සඳහා සූදානම් බව ඊයේ (2) මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික ජනබලවේගයේ ජාතික සංවිධායක සුනිල් හඳුන්නෙත්ති පැවසීය.

රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විවාදයකට එන්නැයි සජබ කිහිපදෙනෙක් ආරාධනා කර තිබූ බව සිහිපත් කළ හඳුන්නෙත්ති එම ආරාධනා සතුටින් පිළිගන්නා බවත්, එසේම එම ආරාධනා කරන එරාන්, හර්ෂ, කබීර් වැනි අය කලින් කලට එක එක තැන්වල සිටින නිසා පක්ෂ දෙකේ නායකයන් ඍජුව විවාද කිරීම වඩා වැදගත් බවයි හඳුන්නෙත්ති අවධාරණය කර සිටියේ.

විවාදයට සහභාගි වීමට ඇති කැමැත්ත හෝ අකමැත්ත ලිඛිතව ලබා දෙන ලෙස ජාතික ජන බලවේගයේ ජාතික සංවිධායක සුනිල් හදුන්නෙත්ති සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා ඇත.