”සැබෑව” යන්න තේමාව කරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිවරණ ව්‍යාපාරය ඇරඹීමේ ප්‍රථම මහජන රැළිය මාර්තු  10 වනදා කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව සදහන් වේ .

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සහභාගිවන ප්‍රථම මහජන රැළිය මෙය බවයි එක්සත් ජාතික පක්ෂයේ උපනායක අකිල විරාජ් කාරියවසම් කියා සිටියේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිර්පාක්ෂික ජනාධිපතිවරයෙකු ලෙස කටයුතු කරන බව ප්‍රකාශ කළ පක්ෂයේ උප නායකයා තව දුරටත් කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය ලෙස ජනාධිපතිවරයාට සහය දැක්වීම​ට මෙම මහජන රැළිය සංවිධාන ක​ළ බවයි.

මේ අතර තමන් ඕනෑම මැතිවරණයකට පක්ෂය සූදානම් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ​අමරිකාවේ සිට මාස 3 කට ආසන්න කාලයකින් පසු ශ්‍රී ලංකාවට ඊයේ පැමිණි අවස්ථාවේදී ප්‍රකාශ කළා.

එමෙන්ම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගුවන් තොටුපලේ සිට බත්තරමුල්ලේ පිහිටි සිය නිවස වෙත පැමිණ තිබූ අතර ඔහුව හමු වීම සඳහා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුලු පිරිසක් පැමිණ තිබුණා.