රාජ්‍ය ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධුරයට පත් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන එයින් ඉවත් කරන තුරු සමගි ජනබලවේගය ඒ සඳහා කිසිවෙකු නැවත නම් නොකරන බව, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

30 දෙනෙක්ගෙන් යුත් මෙම කාරක සභාවට රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා පත් කළ දා සිට සාමාජිකයන් 12 දෙනෙක් පමණ මේ වන විට ඉල්ලා අස් වී ඇත.

මෙම කමිටුව දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිතා වෙන බවටද ඒ අතර චෝදනා එල්ල වේ.