අද (2) පස්වරුවේදී පවත්වන ලද එකතු කළ අගය මත බදු (වැට්) සීයයට 15 සිට 18 දක්වා වැඩි කිරීමට අදාල එකතු කල අගය මත බදු පනත යටතේ නියෝගය වැඩි ඡන්ද 36කින් සම්මතවී ඇත.

මෙම ඡන්ද විමසීමට අදාළව පක්ෂව ඡන්ද 55ක් ලැබුණු අතර ඊට විරුද්ධව ඡන්ද 19ක් ලැබී තිබුණි.

මෙම නියෝගය අනුමත කිරීමේ අවස්ථාවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විරුද්ධත්වය ප්‍රකාශ කර සිටියේය.