2024 වර්ශයේ  අප්‍රේල් මාසයේ යෙදී ඇති නව අවුරුදු උදාවේ නැකැත් සකස් කිරීමේදී බරපතල වරදක් සිදුව ඇති බව ජාතික ජ්‍යෝතීර්වේදීන්ගේ සංවිධානය ප්‍රකාශ කළා.

කොළඹ ඊයේ (05) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි සාමාජික පාරම්පරික ශාස්ත්‍රඥ රෝෂාන් චානක තිසේරා කියා සිටියේ රාජ්‍ය නැකැත් කමිටුවෙන් මෙවර ලිප ගිනි මෙළවීම සඳහා දී ඇති නැකතෙහි ගැටලු සහගත තත්වයක් පවතින බව සහ එහි කුමන්ත්‍රණයක්ද  පවතින බව ඔහු සඳහන් කළා.

එසේම අවුරුදු නැකත් රාත්‍රි කාලයට යොදාගැනීම තුළින් එම නැකැත් පිළිබඳ දරුවන්ට අවබෝධයක් ලබාදිය නොහැකි තත්වයක් උද්ගතවන බවයි ජාතික ජ්‍යෝතීර්වේදීන්ගේ සංවිධානයේ සාමාජික පාරම්පරික ශාස්ත්‍රඥ රෝෂාන් චානක තිසේරා වැඩිදුරටත් කියා සිටියේ.