මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කර සිටින්නේ අධිවේගී මාර්ග භාවිතයේදී රියදුරන් විසින් වාහනවල යෝග්‍යතාව පිළිබඳව දැඩි සැළකිල්ලක් දක්වන ලෙසයි.

පසුගිය දින කිහිපයේදී පමණක් අධිවේගී මාර්ගය ආශ්‍රිතව අනතුරු 53ක් වාර්තා වූ බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් ප්‍රියන්ත සූරියබණ්ඩාර මහතා සඳහන් කර සිටියේ ය.

වැඩිදුරටත් අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටියේ අලුත් අවුරුදු උත්සව සමයත් සමඟ මේ දිනවල අධිවේගී මාර්ග භාවිතය ඉහළ ගොස් ඇති බැවින් මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙසයි.