පසුගිය වසරට සාපේක්ෂව ශ්‍රී ලංකාව තුළ HIV ආසාදිතයින් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂක ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ ප්‍රකාශ කර සිටිනවා.

ලිංගිකව සක්‍රිය වයසේ පසුවන අවුරුදු 20ත් 30ත් අතර වයස් කාණ්ඩයේ පසුවන පිරිස් මේ සඳහා වැඩි වශයෙන් ගොදුරු වීමේ අවදානමක් පවතින බව මෙහිදි වැඩිදුරටත් ඇය සඳහන් කර සිටියාය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට සම්බන්ධ වෙමින් ඇය මේ පිළිබඳව ප්‍රකාශ කර සිටියේ ය.