පාස්කු මෙහෙයක් සඳහා සහභාගී වීමේ අරමුණින් ගමන් කරමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් දකුණු අප්‍රිකාවේ දී පාලමකින් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරින් පුද්ගලයින් 45 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනතුරින් 8 හැවිරිදි දැරියක් පමණක් දිවි බේරාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. ඇය ගුවන් මගින් රෝහලට ගෙන යන ලද බව දකුණු අප්‍රිකානු ගුවන් විදුලි සංස්ථාව (SABC) මාධ්‍යයට පවසා ඇත.

රීසාන දිග ලිම්පෝපෝ කලාපයේ මොරියා නගරයේ පැවැත්වෙන දේව මෙහෙයක් සඳහා සහභාගී වීමට බස් රථය අදාළ පිරිස රැගෙන ගැබරොන් සිට ගමන් කර ඇති අතර බස් රථයේ වේගය පාලනය කර ගත නොහැකිව පාලමින් ඉවතට පැන මීටර් 50ක පමණ ප්‍රපාතයකට ඇඳ වැටී අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තවද මාමත්ලකල කදුවැටියේදී ගල් මතුපිටකට ඇද වැටී ඇති බස් රථය අනතුරින් පසුව ගිනි ගැනීමකට ලක්ව ඇත.