දකුණු අප්‍රිකාවට එරෙහි තෙවන එක්දින තරඟයේදී වාර්තාගත ඉනිමක් දියත්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට චමරි අතපත්තු සමත්කම් දැක්විය.

එහිදි ඇය නොදැවී ලකුණු 195 ක් වාර්තා කිරිමට සමත් වූ අතර එය වාර්තා අතරට එක්වුණේ කාන්තා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා වූ තෙවන ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි. එලෙසම කාන්තා එක්දින තරඟ ඉතිහාසයේ හඹායාමකදී වාර්තා වූ හොඳම ඉනිම ලෙසින්ද චමරිගේ ඉනිම වාර්තා අතරට එක් විය.

කෙසේ වෙතත් චමරිගේ වාර්තා ගත ඉනිම වෙනුවෙන් චමරි අතපත්තු හට දුරකතන ඇමතුමක් ලබාදෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුභපැතුම් එක්කර ඇති බව වාර්තා වේ.

ඊට අමතරව කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ලසිත් මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් විශිෂ්ටයින් රැසක්ද ඇය වෙනුවෙන් සුභපැතුම් එක් කර තිබෙනු දක්නට ලැබිණි. එ​ය පහතින්,

Sanath Jayasuriya

Lasith Malinga

Mahela Jayawardana

Kumar Sangakkara