ක්‍රිප්ටෝ රජු ලෙස සැළකෙන සෑම් බෑන්ක්මන් ෆ්‍රයිඩ් හට නිව්යෝර්ක් අධිකරණය මගින් වසර 25ක සිර දඬුවමක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

32 හැවිරිදි සෑම් බෑන්ක්මන් ෆ්‍රයිඩ් හට වසර 25ක සිර දඩුවම් නියම කර ඇත්තේ ක්‍රිප්ටෝ කරන්සි හුවමාරු සමාගම හරහා තම සේවාදායකයින්ගේ ඩොලර් බිලියන 10ක මුදලක් වංචාකිරීමේ චෝදනාවට වැරදිකරු බවට පත්වීමත් සමඟයි.

විදෙස් මාධ්‍ය සඳහන් කරන පරිදි ඔහුට එරෙහිව නඩු පවරනු ලැබුවන් ඔහුගේ මෙම අපරාධය විස්තර කර ඇත්තේ එක්සත් ජනපද ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාවලින් එකක්වන බවයි.