ඉරිදා දිනයේ (14)  සිට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ඇතිවූ ආපදා තත්ත්වයෙන් ඕමානයේ මරණ 17ක් වාර්තා වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙම අධික ජලගැලීම් හේතුවෙන් ඕමානයේ ප්‍රදේශ රැසක පාසල් සහ රජයේ ආයතන වසා දැමීමටද එරට රජය තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වනවිටත් ප්‍රදේශ රැසක මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබේ.

එසේම ඉදිරි දින කිහිපය තුළ ද එරට ප්‍රදේශ රැසකට අධික වැසි තත්ත්වයක් අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එසේම අධික වර්ෂාවත් සමග මෝටර් රථ සහ දේපළ රැසකට හානි සිදුව ඇති අයුරු විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබුණි.