ඉරානය විසින් සිය රටට එල්ලකළ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර සඳහා ප්‍රතිචාර දැක්වීමට ඊශ්‍රායලය සැලසුම්කරන බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊශ්‍රායලයේ යුද කැබිනෙට්ටුව හදිසියේ රැස්වූ බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

නමුත් එහිදී ගත් තීරණය  සම්බන්ධයෙන් ඊශ්‍රායලය කිසිදු නිවේදනයක් නිකුත් කර නොතිබුණි.

ඉරාන ප්‍රහාර සම්බන්ධන්යෙන් ඊශ්‍රායලයේ මිතුරු රටවල් සිය විරෝධය දක්වා ඇති අතර එහෙත් ඔවුන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ගෙන් ඉල්ලා ඇත්තේ  ඉවසිලිවන්තව කටයුතු කරන ලෙසයි .

පසුගියදා සිරියාවේ පිහිටි ඉරාන් කොන්සල් කාර්යාලයට එල්ල කළ ප්‍රහාරයකින් ඉරාන හමුදා ප්‍රධානින් ඇතුළු 13 දෙනෙක් මියගිය අතර එම ප්‍රහාරයේ චෝදනාව ඊශ්‍රායලය ට එල්ල වූ අතර ඊශ්‍රායලය ට ප්‍රහාර එල්ල කළේ ඊට ප්‍රතිචාර වශයෙන් බව පවසන ඉරානය ප්‍රශ්නය දැන් සමනය විය යුතු බව පවසයි.

නමුත් ඊශ්‍රායලය ඊට සූදානම් නැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි