රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක ගමන් ගත් රථය හදිසියේ ගිනි ගෙන ඇති බව වාර්තා වේ. බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුව ඇති අතර එමගින් කිසිවෙකුටත් හානි සිදු වී නැති බවයි වාර්තා වන්නේ.

අද අලුයම 12.45ට පමණ ඇමැතිවරයා මහියංගණය ප්‍රදේශයේ සිට ඇල්ල ප්‍රදේශය දක්වා ගමන් කරමින් සිටියදී මෙලෙස රථයේ ගින්නක් හටගත් බව‍යි සඳහන් වන්නේ.

කෙසේ වෙතත්, ප්‍රදේශවාසීන් සහ බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය, පොලිසිය සමග එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත.