ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පුංචි බොරැල්ලේදී පැවැත්වූ විරෝධතාවක් විසුරුවා හැරීමට පොලිසිය ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පීඨ කිහිපයක සිසුන් එක්ව කොළඹ විශ්වවිද්‍යාලය අසළ ඊයේ (05) සිදුකළ විරෝධතාවට සම්බන්ධ වූ සිසුන් දෙදෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

කෙසේ වෙතත් අද දිනද විරෝධතාව ​පැවැත්වූ අතර  එහිදි අන්තර් විශව විද්‍යාල බල මණ්ඩලයේ කැදවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් සහ තවත් පුද්ගලයෙකු අද දින අත්තඩංගුවට ගෙන ඇති අතර  විරෝධතාව විසුරුවා හැරීමට පොලිසිය ජල හා කදුලු‍ ගෑස් ප්‍රහාර එල්ල කළා.

පෞද්ගලීකකරණය නවතනු, දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 06 ක් අධ්‍යාපනය සදහා වෙන් කරනු, මැයෙන් මෙම විරෝධතාව සංවිධාන කර තිබුණා.

විරෝධතාව හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ රථවාහන ධාවනය කොළඹ විශ්ව විද්‍යාලය අසළින් අවහිර වී රථවාහන තදබදයක් ද පැවතුණා.

කෙසේ වෙතත්, විශ්වවිද්‍යාල සිසුන් කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය අසලින් විරෝධතාව ආරම්භ කළ අතර තුන්මුල්ල මංසන්ධිය දෙසට දෙසට ගමන් කිරීමට උත්සහ කිරීමේදී පොලිසිය කදුලු‍ ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කොට ඇත .