අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවන බවත් අතේ තියෙන වෙපන් එක හෝ ඒ සඳහා පාවිච්චි කරන්න බය නොවෙන්න යැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ(25) කළුතර කටුකුරුන්ද විශේෂ කාර්ය බළකායේ ක්ෂණික විහිදුම් යතුරුපැදි පාඨමාලාව හදාරන ලද පොලිස් නිලධාරීන්ගේ විසිරයාමේ පෙළපාලියේට එක්වෙමිනි.

“අපි ඔබලා වෙනුවෙන් හරි දේට පෙනී සිටිනවා. මෙතන ඉන්න අය මොකක්ද කරන්න ඕන කියල දන්නවා. මොකක්ද අවශ්‍යතාවය කියලා හැමදේම දන්නවා. මේ කණ්ඩායම මදි වුනොත් තව පොලිස් යතුරුපැදි කණ්ඩායමක් පිහිටවනවා.
අපිට ඉලක්කයක් තියෙනවා. ඒ ඉලක්කය මොකක්ද කියලා සියලු පොලිස් නිලධාරීන් දන්නවා. මට අවශ්‍ය ඒ ඉලක්කයට යන්න පමණයි. ඔබලා සියලු දෙනාටම පඩි වැඩි කිරීම් ඇතුළු හැම දෙයක්ම කළා. මම ඔබලාගෙන් බලාපොරොත්තු වෙන්නේ ඉලක්කයට යාම පමණයි.”

යනුවෙන් ඔහු වැඩි දුරටත් පවසා ඇත.