අද (26) අලුයම් කාලයේදී මාන්කුලම වසන්තනගර් හංදිය අසලදී යුද හමුදා සෙබළුන් ගමන් කළ කැබ් රථයට පිටුපසින් පැමිණි ලොරි රථයක් කැබ් රථයේ ගැටීමෙනි අනතුරට ලක්වී ඇත.

එම අනතුරෙන් කැබ් රථයේ පිටුපස ගමන් කළ එක් සෙබළෙකු රථයෙන් විසිවී ගොස් පිටුපසින් පැමිණි ලොරි රථයේ ගැටී සිදුවූ අනතුරෙන් මියගොස් තිබෙන අතර තවත් සෙබලුන් 9දෙනෙකු තුවාල ලබා ඇත

තුවාල ලැබූ සෙබළුන් ප්‍රතිකාර සඳහා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇත.

මියගොස් ඇත්තේ 39 හැවිරිදි ඇහැටුවැව ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි යුද හමුදා 07 වන සේවා බළකායට අනුයුක්ත මුරුක්කණ්ඩි කඳවුරේ සැරයන්වරයෙකි.