වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට එරෙහිව අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් යොමු කරන බව සමාජවාදී තරුණ සංගමය ප්‍රකාශ කර සිටියේය.

සිය දේශපාලන කටයුතු සදහා තරුණ සේවා සභාවේ දේපළ යොදා ගැනීම සම්බන්ධයෙන් මෙලෙස අල්ලස් හා දූෂණ කොමිසන් සභාවට අදාළ පැමිණිල යොමුකරන බව වැඩිදුරටත් එම සංගමය සදහන් කළේය.

අදාළ පැමිණිල්ල අද (26) පස්වරුවේ අල්ලස් හා දූෂණ කොමිසන් සභාවට භාරදීමට නියමිත බව තවදුරටත් එම සංගමය සදහන් කර සිටියා.