අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීමට බාධාකිරීමේ සිද්ධියක් සම්බන්ධව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමි ඇතුළු පස් දෙනෙකු පසුගියදා රක්ෂිත බන්ධනාගාර ගත කළා.

ඒ නාරාහේන්පිට දාබරේ මාවතේ පිහිටි පැල්පත් නිවාස කීපයක් අධිකරණ නියෝගයක් මත ඉවත් කිරීමට යාමේදී ඊට බාධා කළ බවට ඔවුන්ට එරෙහිව පැමිණිල්ල විසින් චෝදනා ගොනු කර තිබුණ

කෙසේ නමුත් උලපනේ සුමංගල හිමි ඇතුළු අනෙක් සැකකරුවන් සිව් දෙනාද ලක්ෂය බැඟින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අලුත්කඩේ අංක 3 අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (26) නියෝග කර තිබෙනවා.