සෞදි අරාබියේ පැවැත්වෙන ගෝලීය සහයෝගීතාව වර්ධනය සහ සංවර්ධනය සඳහා බලශක්ති පිළිබඳ ලෝක ආර්ථික සංසදයේ විශේෂ රැස්වීමක් සදහා මෙරට විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා සහභාගීවීමට නියමිත බව වාර්තාවේ.

ඒ අනුව අප්‍රේල් 28 සහ 29 දක්වා රියාද්හි මෙම විශේෂ රැස්වීම පැවැත්වෙන බව ද වාර්තාවේ.

ලෝක ආර්ථික සංසදය විසින් කැඳවා ඇති මෙම විශේෂ රැස්වීම මගින් විවිධ ක්ෂේත්‍රවල සහ කර්මාන්තවල නායකයින් එක්රැස් කර දවසේ වඩාත් හදිසි සහ සංකීර්ණ ගැටලු පිළිබදව පුළුල් සංවාදයක් ඇති කිරීමට අපේක්ෂා කරයි.

මෙම සංචාරය අතරතුර විදේශ අමාත්‍යවරයා විසින් මෙම රැස්වීමෙහි සත්කාරකත්වය දරන සෞදි අරාබිය ඇතුළු රටවල් කිහිපයක නායකයින් සහ නියෝජිතයින් හමුවීමට නියමිත බවද සදහන්වේ.

අමාත්‍ය අලි සබ්රි මහතා විසින් මෙම සංචාරය අතරතුර රියාද්හි ශ්‍රී ලාංකිකයින් හමුවීමට නියමිත අතර එරට පිහිටි රියාද්හි ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල නැරඹීමට සහභාගීවන බව වාර්තාවේ.