ගුරු විදුහල්පති එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමි ඇතුළු දෙදෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඊට හේතු වී ඇත්තේ පැල්පත් නිවාස කිහිපයක් අධිකරණ නියෝග මත ඉවත් කිරීමට යාමේ දී ඊට විරෝධය පළකර බාධාකිරීමයි

කෙසේ නමුත් අලුත්කඩේ අංක 03 මහෙස්ත්‍රාත් අධිකරණයේ අද (22) පැවති අදාළ නඩු විභාගය සඳහා පූජ්‍ය උලපනේ සුමංගල හිමි ඇතුළු සැකකරුවන් සහභාගී වී තිබුණි.

එහිදී ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බව සදහන් වේ.