ඊයේ (06) දින  පැවති විරෝධතාවක් අතරතුරදී පොලීසිය විසින් අත්අඩංගුවට ගත්  අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇපමත මුදාහැර තිබේ.

ඔහු සහ ඊයේ විරෝධතාව අතරතුරදී අත්අඩංගුවට ගනු ලැබූ තවත් අයෙකු අද අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබේ.