පසුගියදා ඩුබායි හි පැවති විස්සයි විස්ස ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජයගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (09) උදෑසන දිවයිනට පැමිණියා.

එම අවස්ථාවේදි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් නායිකා චමරි අතපත්තුගෙන් ඇගේ විශ්‍රාම ගැනීමේ තීරණය පිළිබදව මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කර සිටියා .

තමාගේ විශ්‍රාම ගැනීමේ තීරණය සම්බන්ධයෙන් කතා කිරීමට මෙය සුදුසු අවස්ථාව නොවන බවත් ඒ සම්බන්ධයෙන් තමා තවමත් තීරණයක් ගෙන නොමැති බවත් චමරි අතපත්තු පවසා සිටියා .

එළඹෙන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලිය හොඳින් කිරීම තම කණ්ඩායමේ අරමුණ බව ඇය වැඩිදුරටත් පවසා සිටියා.