හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසී වීම සම්බන්ධයෙන් කථානායකවරයා අද පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කර ඇති බව වාර්තා වේ.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති අදාළ තීන්දුවට අනුව 2024 මැයි මස 08 වන සිට බලපැවැත්වෙන පරිදි ඩයනා ගමගේ මහත්මිය දැරූ මන්ත්‍රී ධුරය පුරප්පාඩුව පවතින බවයි කථානායකවරයා එහිදි පවසා ඇත්තේ.

මේ අතර ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසී වීමෙන් එම ධුරයේ පුරප්පාඩුව පවතින බව පාර්ලිමේන්තුව මැතිවරණ කොමිෂන් සභාවට ද දන්වා ඇත.