චීන පර්යේෂණ නෞකාවක් යාත්‍රා කිරීම හේතුවෙන් පිලිපීනය එරට උතුරු හා නැගෙනහිර මුහුදු ප්‍රදේශවල මුර සංචාර අරඹා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වැඩිදුරටත් විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ චීනය කිසිදු හිමිකමක් නොමැති නමුත් පිලිපීන මුහුදු සීමාව සඳහා චීනය නිරන්තරයෙන් බලපෑම් කරන බවට පීලිපීනය චෝදනා කරන බවයි.

මෙම තත්ත්වය මත දෙරට අතර පවතින මතභේදාත්මක තත්ත්වය තවදුරටත් වර්ධනය වී ඇති බවද විදෙස් මාධ්‍ය සදහන් කරයි.