චීන අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනාවකට අනුව පස් දින නිල සංචාරයක් සදහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනය බලා පිටත්ව ගොස් තිබෙනවා

මෙම සංචාරයේදි  අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ එකඟතා ඇති කර ගැනීමට අදාළව චීන බලධාරීන් සමග සාකච්ඡා කිරිමටද නියමිතයි.

අග්‍රාමාත්‍යවරයා සමග ශ්‍රී ලංකා දූත පිරිස ලෙස තවත් 10 දෙනෙකු ද මෙම සංචාරයට එක්ව තිබෙනවා.