මීගස්වැව ගාමිණිපුර ඉලුක්පිටිය රක්ෂිත ප්‍රදේශයේ දී හිමිනමක් සහ තවත් පුද්ගලයන් පස්දෙනෙකු පුරාවස්තු ලබා ගැනිමේ අරමුණින් කැණීම් කරමින් සිටිය​දී මීගස්වැව පොලිසිය විසින් අත්ඩංගුවට ගත් බව වාර්තා වෙනවා.

අවුරුදු 33 ක් වූ හිමිනම ගුරුගොඩැල්ල ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයක වැඩ වාසය කරන අතර අනෙක් සැකකරුවන් වයස අවුරුදු 24,27,30,42 හා 50 වයස්වල පසුවන මහතලාකොලවැව ප්‍රදේශයේ පදිංචිකරුවන්ව මෙලෙස අත්ඩංගුවට ගෙන ඇත්තේ කැණීම් උපකරණ හා පූජා භාණ්ඩ සමග බවයි පොලිසිය පනසන්නේ.

මේ පිළිබඳ මීගස්වැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව සඳහන් වෙනවා.