ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී පුරාවස්තු සොයා කැනීම් සිදුකළ පුද්ගලයින් 05 දෙනෙකු ඇතිමලේ පොලිස් ස්ථානය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සන්තකයේ තිබූ කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩද පොලිස් භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 24, 29, 34 සහ 41 යන වයස් කාණ්ඩවල පසුවන දෙමෝදර සහ විලඔය ප්‍රදේශවල පදිංචිකරුවන්.

සිද්ධියට අදාළ විමර්ශන ඇතිමලේ පොලිසිය මඟින් ක්‍රියාත්මකයි.