වී අලෙවි මණ්ඩලය මහා භාණ්ඩාගාරයට කෝටි දෙදහස් අටසිය හැට තුනක මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කර සිටියි. ඔහු මෙය ප්‍රකාශ කර සිටියේ අද (22) පාර්ලිමේන්තුවේ වී මිලදී ගැනීමේ සභාව කල් තබන අවස්ථාවේදී ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළ සිටියේ මහා භාණ්ඩාගාරය වී අලෙවි මණ්ඩලයට මෙම මුදල් කලින් කල ලබාදී ඇත්තේ මේ මිලදී ගැනීම සඳහා බවයි.

අවුරුදු දොළහක කාලයේදී මහා භාණ්ඩාගාරය දීපූ මුදල් මෙතන තියෙනවා. මේක වෙලා තියෙන්නේ මහින්ද අමරවීර ඇමතිතුමාගේ කාලයේදී නොවෙයි. මෙතන මහා භාණ්ඩාගාරය කෙලින්ම ලබා දීපු මුදල් වගේම ලංකා බැංකුව මහජන බැංකුව ඇපකර බවට පත්කර ලබා දීපු මුදල් තියෙනවා යනුවෙන් ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදි සදහන් කර සිටියේ ය.