කොළඹ Street Food අලෙවි සැලකදී රුපියල් 1,900කට කොත්තු රොටියක් අලෙවි කිරීම සහ එය ප්‍රතික්ෂේප කිරීමේදී විදේශිකයෙකුට අඩත්තේට්ටම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය නිවේදනය කරයි.

ආහාර මිළදි ගැනිම සඳහා පැමිණි විදේශිය ජාතිකයෙකු විසින් ආහාරවල මිල ගණන් විමසිමෙන් පසු එය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ එම වෙළදසැලේ හිමිකරු ලෙස පෙනිසිටින පුද්ගලයෙක් විසින් එම විදේශිය ජාතිකයාට අඩම්තේට්ටම් කරමින් ආහාර මිලදී නොගන්නේ නම් එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙසට තර්ජනාත්මකව බලපැම් කරන විඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය විම සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය විමර්ශන පවත්වා අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 51වන කොළඔ 12 ප්‍රදේශ​යේ පදිංචිකරුවෙක්.

සැකකරු කොළඔ මහේස්ත්‍රාත් අධිකරණයට හෙට (17) දිනයේ ඉදිරිපත් කිරිමට නියමිතයි.

පොලිස් මාධ්‍යය නිවේදනය පහතින්,