වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කළ යෝජනාවකට අනුව මෙම අනුමැතිය හිමිව ඇති බව ‘ද සන්ඩේ ටයිම්ස්’ වෙබ් අඩවිය වාර්තා කරයි.

තවද මේ සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඡන්ද විමසීමක් ද පවත්වා ඇති බව සඳහන් වන අතර එහි දී සාමාජිකයන් දෙදෙනෙකු ඊට පක්ෂ වී ඇති අතර දෙදෙනෙකු විපක්ෂව ඡන්දය ලබා දී ඇති අතර අදාළ රැස්වීමට දෙදෙනෙකු සහභාගී වී නොමැති බවද වාර්තා වේ.

කථානායකවරයාගේ ඡන්දයද අදාළ යෝජනාවට පක්ෂව ලබා ඇති බවද අදාළ වෙබ් අඩවියේ දැක්වේ.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දේශබන්දු තෙන්නකෝන් ඉදිරි පැය 24ක් ඇතුළත පොලිස්පතිවරයා ලෙස පත් කරනු ඇති.