දකුණු ආසියානු කලාපයේ විශාලතම මාතෘ රෝහල ලෙස සැලකෙන ගාල්ල, කරාපිටියේ ඉදිකළ ජර්මන් – ශ්‍රී ලංකා මිත්‍රත්ව නව කාන්තා රෝහල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු වේලාවකට පෙර විවෘත කර තිබේ.

මෙම රෝහල මහල් හයකින් යුක්ත වන අතර ඇඳ​න්  640කින්, ශල්‍යාගාර හයකින් සමන්විත වේ.

එමෙන්​ම මෙම රෝහල හදි​සි ප්‍රතිකාර ඒකක, දැඩි සත්කාර ඒකක, රසායනාගාර, ළදරු දැඩි සත්කාර ඒකක, විශේෂ ළමා ඒකක ඇතුළු සියලුම නවීන වෛද්‍ය පහසුකම්වලින් යුක්තය.