නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව මිලදී ගත් හියුමන් ඉමියුනෝග්ලෝබියුලීන් ඇතුළු ඖෂධ වර්ග කිහිපයක් නි​සා මුලික අයිතිවාසිකම් උල්ලංගනය වී ඇති බවට නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය විසින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු 66 දෙනෙකු වග උත්තරකරුවන් ලෙස නම් කර ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

එම ඖෂධ මිලදි ගැනීමේ ක්‍රියාවලියේදී මුල්‍යමය හෝ වෙනත් වාසි ලබාගත් පුද්ගලයින් හඳුනාගැනීම සඳහා විමර්ශනයක් සිදුකරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්කාර පාර්ශ්වය ඉල්ලා තිබේ.

එමෙන්ම නීතිපතිවරයාගෙ​න්, වගකිව යුතු පාර්ශ්වයන්ගෙන් වන්දි අයකිරිමේ ක්‍රියාමාර්ග ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසද අදාළ පෙත්සමෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.