ඊයේ (18) දිනයේදී පැවති යාපනය දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටුවේදී යාපනය දිස්ත්‍රික්කයේ පාසල් ආරම්භ වෙන සහ අවසන්වන අවස්ථාවලදී පාසල් පරිශ්‍රය අවට බර වාහන ගමනාගමනය තහනම් කිරීමට තීරණය කර ඇති බව වාර්තාවේ.

සම්බන්ධීකරණ කමිටු රැස්වීම සඳහා සහභාගී වූ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සඳහන් කර සිටියේ රජයේ සහ පෞද්ගලික බස් රථවල තරගකාරී රියදුරන් හේතුවෙන් මාර්ගයේ ගමන් ගන්නා ජනතාව දැඩි අපහසුතාවයට පත්වන බැවින් මේ සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව වගකීමෙන් ක්‍රියා කළ යුතු බවත් අනිසි ලෙස ක්‍රියාකරන පාර්ශ්වවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්ය.