ඉරානයේ ප්‍රදේශයකට ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක් එල්ලවූ බවට වාර්තා වීමත් සමග ලෝක වෙළෙඳපොළෙහි ඉන්ධන සහ රන් මිල වැඩිවී ඇති බව වාර්තා වෙයි.

සිකුරාදා උදෑසන ආසියානු වෙළෙඳපොළෙහි බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 90ක් දක්වා 3%කින් වැඩිවූ අතර රන් මිල අවුන්සයක මිල ඩොලර් 2,400ක් ලෙස දැක්වුණ අතර එ​ය වාර්තාගත නව මිලකි.

එසේම ජපානයේ, හොං කොං සහ දකුණු කොරියාවේ කොටස් වෙළෙඳපොළ කඩා වැටී ඇති බව සඳහන් ය.

මැද පෙරදිග වර්ධනය වෙමින් පවතින යුද උණුසුම කෙරෙහි කොටස් වෙළෙඳපොළ ආයෝජකයින් දැඩි විමසිල්ලකින් පසුවෙයි.