ඉන්දියාවේ ලොකු ලූනු අපනයනය සඳහා පනවා තිබෙන තහනම ශ්‍රී ලංකාව සඳහා පමණක් ඉවත් කිරීමට තීරණය කර ඇති බව මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙරටට ලොකු ලූනු මෙට්‍රික් ටොන් 10000ක් දක්වා අපනයනය කිරීමට මෙමගින් අවසර ලබා දී ඇතැයි සඳහන් වන අතර පළමු අසල්වැසියා යන පදනම සහ අලුත් අවුරුදු උත්සව සමය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, ඉන්දියාවේ ලොකු ලූනු අපනයන තහනම නිසාවෙන් මෙරට ලොකු ලූනු මිල කිසිදා නොවූ විරූ තරම් පසුගිය සමයේ ඉහළ ගොස් තිබුණි.