අප්‍රිකාවේ චැඩ් රාජ්‍යයයේ මේ වන විට ක්‍රියාත්මක ජනපතිවරණයත් සමග වත්මන් ජුන්ටාවට සමුදී ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් කරා ගමන් කරන පළමු රාජ්‍යය බවට චැඩ් රාජ්‍යය පත්වීමට නියමිතයි.

චැඩ් ජනපතිවරණයේ ඉදිරියෙන්ම සිටින්නේ කැරලිකරුවන්ට එරෙහිව සටන් කරමින් දිගු කලක් සේවය කළ හිටපු ජනපති Idriss Déby Itno පුත්‍රයයි.

හිටපු ජනපති පුත් ජෙනරාල් මහමත් ඩේබි ජයග්‍රහණය කරනු ඇතැයි මත පළ වූවත් අගමැති Succès Masra ඔහුගේ අභියෝගකරුවන් නව දෙනා අතර සිටින විශාලතම ප්‍රතිවාදියා ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සමහර ප්‍රදේශවල ඡන්ද විමසීම නියමිත වේලාවට වඩා පැයක් ප්‍රමාද වී ආරම්භ වී ඇති අතර ජෙනරාල් මහමත් ඩේබි සිය ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ අගනුවර වන N’Djamena හිදීයි.

කෙසේ වෙතත් මිලියන 18කට ආසන්න ජනතාවක් වෙසෙන තෙල් අපනයනය කරන චැඩ් රාජ්‍යය 1960 දී ප්‍රංශයෙන් නිදහස ලැබීමෙන් පසු නිදහස් හා සාධාරණ බල හුවමාරුවක් සිදු වී නැහැ.

1990 දී Hissène Habré බලයෙන් පහ කළ Idriss Déby 2021 අප්‍රේල් මාසයේදී වයස අවුරුදු 68 දී මිය යන තෙක් දශක තුනක් ජනපති ලෙස කටයුතු කර තිබුණා.