ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් නඩුවට අදාළව නඩුව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද විභාගයට ගනු ලැබුවා.

එහිදි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 8 දෙනා එළැඹෙන මැයි මස 20 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.

කෙසේ නමුත් මෙම නඩුවට අදාළව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරත කර සිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන මහතා අද ඇප මත මුදාහැර තිබුණා.