ටික් ටොක් තහනම් කිරීම සඳහා අමෙරිකාව ගෙන ආ පනත් කෙටුම්පතක් එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී සම්මත වී තිබෙනවා.

ඒ සඳහා පැවති ඡන්ද විමසීමේදී ටික් ටොක් යෙදවුම තහනම් කිරීමට පක්ෂව ඡන්ද 360 ක් සහ ඊට විරුද්ධව ඡන්ද 58 ක් ලැබුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ වනවිට අමෙරිකානු පුරවැසියන් මිලියන 170 ක් පමණ ටික්ටොක් සමාජ මාධ්‍ය යෙදවුම භාවිත කරනු ලබන‍යි

ටික් ටොක් චීන සමාජ මාධ්‍ය යෙදවුමක් වන බැවින් චීන‍ය අමෙරිකාවේ දත්ත සොරකම් කරමින් ඔත්තු බැලීම සිදුකරන බවයි අමෙරිකාව චෝදනා කර ඇත්තේ.

ඒ අනුව ටික් ටොක් තහනම් කිරීම සඳහා ගෙන එන ලද පනත් කෙටුම්පත ඉදිරියේදී සෙනෙට් මණ්ඩලයට යොමුකිරිමට නියමිතයි.