ඩයනා ගමගේ රාජ්‍ය ඇමතිවරියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ නියෝගයක් ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම නිෂ්ප්‍රභ කොට අභියාචනාධිකරණය මඟින් පසුගියදා ලබා දුන් තීන්දුවට එරෙහිව ගොනු කළ අභියාචනා පෙත්සම විභාගයේ ශ්‍රේෂ්ඨාධිකරණ නින්දුව අද ප්‍රකාශයට පත් කරනු ලැබීය.

සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත්
අතර, ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය අද සදහන් කළේ ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බවයි.

පසුගිය පෙබරවාරි 13 වැනිදා මේ අභියාචනා පෙත්සම් විභාගය අවසන් කළද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දින නියමයත් නොමැතිව කල් තබනු ලැබීය