සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බවට ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද(08) තීන්දුවක් ලබා දුන් අතර එම තීන්දුවත් සමඟ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු විය.

ඒ හේතුවෙන් ඩයනා ගමගේගෙන් පුරප්පාඩු වන ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු මන්ත්‍රී මුජිබර් රාහුමාන් පත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මුජිබර් රහුමාන් පසුගිය මහ මැතිවරණයයේදී කොළඹ දිස්ත්‍රික්කයට තරග කර පාර්ලිමේන්තුවට තේරී පත් වු අතර පළාත් පාලන මැතිවරණයේ කොළඹ නගරාධිපති අපේක්ෂකයා ලෙස තරඟ වැදීම සඳහා ඔහු එම මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්විය.