ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි පවසයි.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව සහ ඉරානය දැනට මාස 6කට පෙර සිදු කළ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස දෙරට අතර ඍජු ගුවන් සේවා ආරම්භ කෙරෙනු ඇති බවයි.

ඒ අනුව, ඉරානයේ මහන් ගුවන් සේවය (Mahan Air) හරහා මෙම ගුවන් ගමන් සිදුවනු ඇති අතර ශ්‍රී ලංකාව වෙත පැමිණෙන සංචාරකයින් ගණන වැඩි කර ගැනීම එහි අරමුණ බව ඔහු වැඩිදුරටත් පවසයි.

ඔහු අදහස් දක්වමින් කියා සිටියේ,
“ඔවුන් ගමන් ආරම්භ කරනවා කියලා, කියලා තියෙනවා. අපි දැන් සෞදි අරාබිය හම්බ වෙච්ච වෙලාවෙ සෞදි එයාලයින්ස් එකත් ඍජු ගුවන් සේවයක් එවන්න බලනවා කියලා. පෙරදිග හරහා තමයි ගොඩක් ටුවරිස්ට්ලා එන්නේ. එමිරේට්ස් එක එනවා. කටාර් එයාවේස් එක. ඩුබායි එක. අපිට ඔවුන්ට තවත් පුළුල් කරලා සෞදි අරාබිය හරහා ඕමාන් එයාර් එකයි. ඉරානෙන් එන ඒවත් එකතු කරලා එයාර් ට්‍රැෆික් එක වැඩි කරගන්න තමයි අපි උත්සහ කරන්නෙ. ගුවන් යානා 4 කින් 5කින් නෙමෙයි. ඍජු ගුවන් සේවාවකින් ලංකාවට එන්න අවස්ථාව ලබා දෙන්න තමයි උත්සහ කරන්නෙ. මේ මගින් ශ්‍රී ලංකාවට එන සංචාරකයන් වැඩි කරන්න තමයි අපි උත්සාහ කරන්නෙ.” යනුවෙනි.