ඉරානය සමඟ ව්‍යාපාර හෝ ගනුදෙනු පවත්වන්නේ නම් සම්බාධකවලට මුහුණදීමට සිදුවන බව ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම අනතුරු ඇඟවීම සිදුකරනු ලැබුවේ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි පාකිස්තානයේ දින 3ක නිල සංචාරය අවසන් කර අද (24) දින ශ්‍රී ලංකාව බලා පිටත් වීමෙන් අනතුරුවයි.

විදෙස් මාධ්‍යට අනුව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම අනතුරු ඇඟවීම පාකිස්තානයට සිදුකර තිබෙන අනතුරු ඇඟවීමක් ලෙස සදහන් කර තිබේ. පාකිස්තාන අගමැතිවරයා සහ ඉරාන ජනාධිපතිවරයා අතර පසුගිය දිනක නිල හමුවක් පැවති අතර එහිදි දෙරට අතර අවබෝධතා ගිවිසුම් 8ක් අත්සන් කෙරුණු අතර දෙරට අතර වෙළෙඳාම ඩොලර් බිලියන 10ක් දක්වා වැඩිකිරීමට යෝජනාවී ඇති බවයි වාර්තාවන්නේ.