ඔපරේෂන් ​ටෲ ප්‍රොමිස් නමින් ඉරානය එල්ල කළ ප්‍රහාර වලට නිසි කාලයේදී  ප්‍රතිචාර දක්වන බවට ඊශ්‍රායලය අනතුරු අඟවා ඇති පසුබිමක අමෙරිකාව ද ඊ​ට ප්‍රතිචාර දක්වා තිබේ.

ඒ අනුව අමෙරිකාව පවසන්නේ ඉරානයට එරෙහි කිසිදු ප්‍රහාරයක් සඳහා ඊශ්‍රායලයට සහාය නොදක්වන බවත් එසේ නොවුනහොත් කලාපය තුළ පාලනය කළ නොහැකි යුදමය තත්ත්වයක් උද්ගත විය හැකි බව අවධාරණය කරමින්.

මැද පෙරදිග කලාපයේ යුද බියක් මවමින් ඉරානය ඊශ්‍රායලයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර සිය ගණනක්  පසුගිය සෙනසුරාදා රාත්‍රියේදී එල්ල කළ අතර ප්‍රහාරවලින් සියයට 99ක්ම වැළැක්වීමට ඊශ්‍රායලය සමත්වුණි.

සෙනසුරාදා ප්‍රහාර සඳහා ඉරානයට ඩොලර් මිලියන 38ත්- 62ත් අතර පිරිවැයක් දැරීමට සිදුවන්නට ඇති අතර ප්‍රහාර වැළැක්වීම සඳහා ඊශ්‍රායලයට ඩොලර් බිලියන 1.35ක පිරිවැයක් දැරීමට සිදුවන්නට ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.