ඊයේ (14) උදෑසන කැළණිමුල්ලේදී රනින් තැනු දඹරන් පිළිමයක් අලෙවි කිරීමට සුදානම් කර ඇති බවට මුල්ලේරියාව පොලිසියට ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර ව්‍යාපාරිකයෙකුට මෙම පිළිමය අලෙවි කිරීමට සුදානම්ව සිට ඇති බවයි විමර්ශන වලදී ​හෙළි වී තිබෙනවා.

මෙහිදී අත්අඩංගුවට ගත් එක් අයෙකු එල්.ටී.ටි.​ඊ  ත්‍රස්තවාදී සංවිධානය සමග සම්බන්ධකම් පැවැත්වීමේ චෝදනාව මත ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ මිට පෙර අත්අඩංගුවට ගෙන පුනරුත්ථාපානය වූ අයෙක් බවට අනාවරණය කරගෙන ඇති බවයි අ​ප කළ විමසීමකදී මුල්ලේරියාව පොලිසිය සඳහන් කළේ.

අදාළ සැකකරුවන් අද (15) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.